පවත්නා පද්ධතිය විශ්ලේශණය සඳහා පැහැදිලිව පෙනෙන ක්‍රම භාවිතා කිරීම. (Using vivid methods to analyze the current system)
Dedicated to a special person once crossed paths with mine, I wrote this one with the help of that person, originally intended to be published in INTECS 𝐅𝐈𝐓𝟐𝐒𝐜𝐡𝐨𝐨𝐥 . Thank you for your help and may this be one amazing memory which will survive the test of time.
ශක්‍යතා වාර්තාව සැලකිල්ලට ගෙන අලුත් පද්ධතියක් අවශ්‍ය නම් සේවාදායකයා පද්ධතිය ගොඩනගන්න අනුමතිය ලබා දෙනවා, අනුමතිය ලබා ගත්තාට පස්සේ ගොඩනගන්න බලාපොරොත්තුවෙන පද්ධතිය ගැන පුළුල් අධ්‍යයනයක් සිදු කළ යුතු වෙනවා. නව පද්ධතියේ අරමුණු, විශය, භෞතික වගේම මානව සම්පත් පිළිබඳ වත් ආයතනයේ ව්‍යුහය, කළමනාකරණ මට්ටම්, මෙහෙයුම් මට්ටම් පිළිබඳ වත් තොරතුරු රැස්කරගනු ලබයි; ඒ නව පද්ධතිය සේවාදායකයන්ගේ අවශ්‍යතා සපුරාලිය යුතු වීම නිසායි.
පද්ධතියට ඇතුලත් කළ යුතු කාර්යයන් හඳුනා ගැනීමට උවමනා අවශ්‍යතා ප්‍රධාන කොටස් දෙකකි.
- කාර්යබද්ධ අවශ්‍යතා (Functional Requirements)
- කාර්යබද්ධ නොවන අවශ්‍යතා (Non-Functional Requirements)
- කාර්යබද්ධ අවශ්‍යතා (Functional Requirements)
පද්ධතිය භාවිතා කර සිදු කිරීමට බලාපොරොත්තු වන කර්යයන් කාර්යබද්ධ අවශ්‍යතා නම් වේ. පද්ධතියකින් සිදු විය යුතු මෙන්ම එය භාවිතයෙන් අදාළ පාර්ශවයන්ට ලබාගනීමට අවැසි විශ්ලේශණාත්මක සහ විශ්ලේශණාත්මක නොවන වාර්තා යනාදී සියල්ල මීට අයත්.
උදාහරණයක් ලෙස අධ්‍යාපන ආයතනයක සිසුන් ලියපදිංචි කිරීමේ පරිගණක පද්ධතියක් සලකමු. මෙහි කාර්යබද්ධ අවශ්‍යතා පහත පරිදි විය හැකියි.
- සිසුන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමේ හැකියාව.
- එම තොරතුරු විමසීම සහ වෙනස් කිරීමේ හැකියාව.
- සිසුන්ගේ විභාග සහ අනෙකුත් පැවරුම් ලකුණු ඇතුලත් කිරීම, විමසීම.
- සිසුන්ගේ පැමිණීම ලේඛණගත කිරීමේ හැකියාව.
- එම ඕනෑම තොරතුරක් වාර්තා ලෙස ලබා ගැනීමේ, මුද්‍රණය කිරීමේ හැකියාව යනාදී වශයෙනි.
2. කාර්යබද්ධ නොවන අවශ්‍යතා (Non-Functional Requirements)
සෘජු කාර්යයන් සදහා අයත් නොවන සෑම අවශ්‍යතාවයක්ම කාර්යබද්ධ නොවන අවශ්‍යතා යටතට අයත් වෙනවා. පරිගණක පද්ධතිය සැලසුම් කරන පුද්ගලයන්ට තමන්ගේ පළපුරුද්ද මගින් එම අවශ්‍යතා හඳුනා ගැනීමේ හොඳ හැකියාවක් තිබිය යුතුයි. ඊට අමතරව පද්ධතිය භාවිත කරන ආයතනය ගැනද සලකා බැලිය යුතුයි. මෘදුකාංග පද්ධතියක පොදුවේ දකින්න ලැබෙන කාර්යබද්ධ නොවන අවශ්‍යතා කිහිපයක්ම තියෙනවා. ඒවා තමයි,
- කාර්යක්ෂමතාව (Efficiency)
- විශ්වසනීයත්වය (Reliability)
- පහසුවෙන් භාවිතා කල හැකි ආකාරයට තිර සකස් කර තිබීම (User friendly)
- තේරුම් ගත හැකි සරල පද්ධතියක් වීම (Understandable)
මේ විදිහට සේවාදායකයාගේ ආයතනය තුලින් හඳුනා ගන්නා කාර්යයන් සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයන් සියල්ලම ලේඛනයකට අතුලත් කර ගැනීමෙන් මෘදුකාංග පද්ධතියක් හදන්න පහසු වෙනවා. මෙහිදී සකස් කරන ලේඛනය පද්ධති අවශ්‍යතා ලේඛනය (System Requirements Specification) කියල හඳුන්වනවා.
පද්ධති විමර්ශන අවස්ථාව තුළ දී පද්ධතියේ පැවතිය යුතු අවශ්‍යතා සියල්ල හඳුනා ගත යුතු බැවින් පහත ක්‍රම ඒ සඳහා භාවිතා කල හැකියි.
සම්මුඛ සාකච්චා — පද්ධතියට සම්බන්දව කටයුතු කරන කළමණාකරුවන්, කාර්යය මණ්ඩලය සමග පද්ධතියේ පැවතිය යුතු අවශ්‍යතා පිළිබඳව වාචිකව තොරතුරු ලබා ගැනීම.
ප්‍රශ්නාවලි භාවිතා කිරීම — තොරතුරු ලබාගැනීමට විශාල සංඛ්‍යාවක් සිටින අවස්ථාවක කඩදාසියක් භාවිතා කර එකිනෙකාට වෙන වෙනම ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරයි.
නිරීක්ෂණය — පද්ධති විශ්ලේෂණය කරන පාර්ශව විසින් පද්ධතිය ක්‍රියාකරන පරිසරය තුලදී ඊට අදාල ක්‍රියාවන් නිරීක්ශණය කරයි.
පවත්නා වාර්තා සහ ලේඛන පරීක්ශා කිරීම — ගිණුම් ප්‍රකාශණ, ලිපි, කාර්යාලීය සටහන් ආදිය අධ්‍යයනය කිරීම මගින් අවශ්‍යතා හඳුනා ගැනීම.
මූලාකෘති සෑදීම — කලින් සඳහන් කල ක්‍රම මගින් නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වූ කාර්යබද්ධ අවශ්‍යතා තවදුරටත් නිරවුල් කරගැනීමට මෘදුකාංග ආකෘති සකස් කර එය සේවාදායකයන්ට පෙන්වා සාකච්චා කිරීමයි.
පද්ධති විශ්ලේෂක (Analytical) මෙවලම්
පද්ධති සංවර්ධන ජීවන චක්‍රය යටතේ එන විශ්ලේෂණ අවධියේ දී කාර්යබද්ධ අවශ්‍යතා හොඳින් හඳුනා ගැනීමට යොදා ගන්න ආකෘති කිහිපයක් පවතිනවා.ඒ ආකෘති මේ විදිහට විස්තර කරන්න පුළුවන්.
- කාර්යය රූප සටහන් (Activity Diagrams)
පද්ධතියක් ගොඩ නැගීමේ දී කාර්ය අවශ්‍යතා හඳුනා ගැනීම අත්‍යවශ්‍ය අංගයකි. අදාල කාර්යය කුමක්ද යන්න පමණක් දැන සිටීම පරිගණක වැඩසටහන නිර්මාණයට ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. උදාහරණයක් ලෙස බැංකුවක් සඳහා පරිගණක වැඩසටහනක් නිර්මාණයේදී ගිණුම්හිමියා තම ගිණුමේ මුදල් තැන්පත් කිරීම සැලකීමේදී එම සිද්ධිය කාර්ය අවශ්‍යතාවයක් ලෙස සැලකිය හැක. නමුත් එම අවස්ථාවෙන් අදාල සිදුවීම සිදුවන ආකාරය හඳුනා ගත යුතුය. එනම්,
- මුදල් තැන්පත් කිරීමට වවුචරය සම්පූර්ණ කිරීම.
- කවුන්ටරය වෙත ඉදිරිපත් කිරීම.
- ගිණුම් අංකය පරීක්ෂා කිරීම.
- අත්සන නිවැරදි දැයි තහවුරු කිරීම.
- අදාල මුදල ලබා දීම.
- නව ශේෂය සටහන් කිරීම.
ලෙසින් කාර්යයන් රාශියක් මීට බැදී පවතී.යම් ආයතනයක මෘදුකාංග පද්ධතියක් සංවර්ධනයේදී එහි අවශ්‍යතාවයන් අවබෝධ කර ගනිමින් ඊට අදාල ක්‍රියාවන් හඳුනාගෙන එක් අවස්ථාවකින් තවත් අවස්ථාවකට යොමු වන ආකාරය පිළිබදව අවබෝධ කර ගත යුතුයි.මේක පෙන්වන්න යොදා ගන්නා රූපමය ආකෘතිය කාර්ය රූප සටහනක් ලෙස හැඳින්වේ.
කාර්ය රූප සටහනක භාවිතා කරන සංකේත
රෝහලක රෝගීන් රෝහලෙන් ඉවත් වීම (Discharge) සඳහා පරිගණක පද්ධතිය භාවිතා කරන ආකාරය පිළිබඳව මෙහි දැක්වේ.
රෝගියා විසින් රෝහලෙන් ඉවත් වන බව පද්ධතියට දන්වයි. පද්ධතිය රෝගියාගේ තොරතුරු පරීක්ෂා කර ඉවත් කිරීමට අදාළ ටිකට් පත ජනනය කෙරේ. ඉන්පසු ගෙවීම් වලට අදාළ බිල් පත සත්‍යාපනය (Verify) කරනු ලැබේ. ඒ සඳහා එම බිල් පත ගෙවූ බිල්පතක්ද, ගෙවීමට ඉතිරි (Due) නොහොත් නොගෙවූ බිල්පතක්ද යන්න සොයා බැලේ. තවමත් නොගෙවූ බිල් පතක් නම් රෝගියාට එය ගෙවන ලෙස දන්වා අවසානයේ ඉවත් කිරීමේ ටිකට් පත (Discharge Ticket) නිකුත් කෙරේ.
- ලේඛ ගැලීම් සටහන් (Document Flow Diagrams)
මෙම රූප සටහන සලකනු ලබන පද්ධතියේ වර්තමාන අවශ්‍යතා ඉටු කිරීම සඳහා එම සංවිධානය වටා ලේඛන සංසරණය වන ආකාරය පෙන්නුම් කරයි. මෙහි දී “ලේඛන” යන්න සාමාන්‍යයෙන් අර්ථ දක්වනු ලබන්නේ තොරතුරු ලෙසයි. සමහර අවස්ථා වලදී දත්ත ගැලීම් සටහන ඉදිරිපත් කිරීමට පෙර, ලේඛ ගැලීම් සටහන ජනනය කරනු ලැබේ. ඒ නිසා පද්ධති සීමාව ස්ථාපිත කිරීමට උපකාරී වේ; එනම් අප පද්ධතියේ ආදර්ශනය කරන කොටස් මොනවාද නොකරන්නේ මොනවාද යන්න එමගින් පහසුවෙන් තීරණය කල හැකි වේ. ලේඛ ගැලීම් සටහන් මගින් විවිධ ලේඛන (හෝ තොරතුරු ) වල මූලාශ්‍ර සහ ඒවායේ ගමනාන්ත විදහා දැක්වේ.
මෙහි ඉලිප්ස මගින් මූලාශ්‍රය හෝ අන්තය ද, ඊතල මගින් තොරතුරු දිශාව ද දැක්වේ. මෙවැනි රූප සටහන් පද්ධතියක අන්තර්ගත තොරතුරු මොනවාද සහ එම තොරතුරු පද්ධතියේ ක්‍රියකාරිත්වය කෙරෙහි බලපාන්නේ කෙලෙසද යන්න තේරුම් ගැනීමට උපකාරී වේ. පහත දැක්වෙන්නේ රථවාහන සපයන ආයතනයක් සඳහා සැකසූ ලේඛ ගැලීම් සටහනකි.
- දත්ත ගැලීම් සටහන් (Data Flow Diagrams)
හඳුනා ගන්නා ලද ව්‍යාපාරික කාර්යයන් රූපමය විදිහට නිරූපනය කරල පෙන්වන්න පුළුවන් ආකෘති වර්ගයක්. මේ කාර්යයන් පහසුවෙන් තේරුම් ගන්න හැකි වෙන්න දත්ත ගැලීම් සටහන් යොදා ගන්නවා. එම නිසා පද්ධති නිර්මාණ කරුවන් විසින් අවශ්‍යතා නිවැරදිව හඳුනා ගන්න දත්ත ගැලීම් සටහන් යොද ගන්නවා.
දත්ත ගැලීම් සටහන් නිර්මාණය කිරීමේදී භාවිතා කරන සංකේත
ක්‍රියාව නිරූපණයට භාවිතා කරන රූපයේ අභ්‍යන්තරය පහත පරිදි සම්පූර්ණ කල යුතුය.
ආහාර සපයන ආයතනයක සිදුවන ක්‍රියාවලීන් සඳහා නිර්මාණය කල දත්ත ගැලීම් සටහනක් පහත දැක්වේ. පාරිභෝගිකයෙක් පැමිණ ආහාර ඇණවුමක් කිරීම, ඇණවුම භාරගන්නා නිලධාරීන් විසින් එම ඇණවුම ගබඩාව(Inventory) හා ඇණවුමට අදාල දත්ත පාදක(Database) වලට අතුලත් කිරීම. ගබඩාව හිස් වන විට ගබඩා තොරතුරු කළමනාකරු විසින් ගබඩා පාලක හරහා සපයන්නන් වෙත ඉදිරිපත් කිරීම මෙහිදී දැක්වේ.
ව්‍යාපාර පද්ධති විකල්ප (Business System Options)
පවතින පද්ධතිය පරීක්ෂා කිරීමෙන් පසු, පද්ධති විශ්ලේෂක නව පද්ධතිය සමස්ත සැලසුම් මත තීරණය කළ යුතුයි. මේ සඳහා, ඔහු හෝ ඇය, පසුගිය අදියරේ ප්‍රතිදාන භාවිතා කර ව්‍යාපාර පද්ධති විකල්ප සංවර්ධනය කරයි. නව පද්ධතිය නිපදවීමට විවිධ ආකාර ඇති අතර එය පැරණි පද්ධතිය සම්පූර්ණයෙන් ඉවත් කර නව පද්ධතිය අලුතින්ම ඉදිකිරීම ද විය හැකියි. හැකි තරම් විවිධ අදහස් ජනනය කරනු පිණිස අදාළ විශ්ලේෂක අදහස් එකතු කිරීමේ ක්‍රියාවලියක් පවත්වා ගෙන යනු ඇත.
ඉන්පසු එම අදහස්, විකල්ප (options) බවට පත්කර පරිශීලකයාට ඉදිරිපත් කෙරේ. එම විකල්ප පහත අවශ්‍යතා තෘප්ත කල යුතුයි
- ස්වයංක්‍රීයකරණ ස්වභාවය
- පද්ධතිය සහ එය භාවිතා කරන්නන් අතර මායිම
- පද්ධතියේ පැතිරීම, උදාහරණයක් ලෙස, එය එක් කාර්යාලයකට කේන්ද්‍ර වී හෝ කාර්යාල කිහිපයක් පුරා පැතිර ඇත්තේ ද?
- පිරිවැය / ප්‍රතිලාභ
- නව පද්ධතියේ බලපෑම
අවශ්‍ය නම් එම විකල්ප තාර්කික දත්ත ව්‍යුහය (logical data structure) හා දත්ත ගැලීම් සටහන සමග ලේඛනගත කරනු ඇත.
පරිශීලක හා විශ්ලේෂක එක් වී ව්‍යාපාර පද්ධති විකල්පයක් තෝරා ගනු ඇත. මෙම පියවරෙන් ලැබෙන ප්‍රතිදානය වන්නේ එක ව්‍යාපාර පද්ධති විකල්පයක් සහ ශක්‍යතා අධ්‍යයනයෙන් ලැබෙන සියලුම ප්‍රතිදාන වල එකතුවයි.